27.8 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනාමල්ගේ බිල ගෙව්වම රටේ ප්‍රශ්න විසඳෙනවා නම් බිලක් නොලැබුනත් එය ගෙවීමට සූදානම්

නාමල්ගේ බිල ගෙව්වම රටේ ප්‍රශ්න විසඳෙනවා නම් බිලක් නොලැබුනත් එය ගෙවීමට සූදානම්

නාමල් රාජපක්ෂගේ විදුලි බිල ගෙවූ පසු රටේ විදුලි ප්‍රශ්නය විසඳෙන බවට හෝ විහාරස්ථානවලට නොමිලේ විදුලිය ලබාදිය හැකි බවට කවුරුන් හෝ දේශපාලන වේදිකාවේ ප්‍රකාශ කරන්නේ නම් තමන්ට එවැනි බිලක් නොලැබුනත් එය ගෙවීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේ තමන්ගේ මංගල උත්සවයට විදුලිය ලබාගත්තේ විදුලි උත්පාදන යන්ත්‍රවලින් බවත් මංගල උත්සවයට විදුලිය ලබාදෙන ලෙස ඉල්ලීමක් තමා නොකළ බවත් ආරක්ෂාව සඳහා විදුලිය ලබාදෙන ලෙස ඩී.වී.චානක මන්ත්‍රීවරයා විසින් ඉල්ලීමක් කර තිබූ බවත්ය.

එමෙන්ම තමන්ට ගෙවීමට ඇති බවට සඳහන් වූ විදුලි බිල සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයෙන් සිදුකළ විමසීමට තවමත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.