33.4 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅනියම් පෙමක් මරණයෙන් කෙළවර වෙයි

අනියම් පෙමක් මරණයෙන් කෙළවර වෙයි

බොරලැස්ගමුව වේරහැර බෝධිරාජපුර ප්‍රදේශයේදී ඊයේ (08) රාත්‍රියේ ත්‍රීරෝද රථ රියදුරෙක් තවත් පුද්ගලයකුට පිහියෙන් ඇන ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි රේන්දගේ සුදේශ් ප්‍රනාන්දු නමැති 43 හැවිරිදි තිදරු පියෙක් බවයි.

ඝාතනයට ලක්වූ තැනැත්තා මෙම ත්‍රිරෝද රථ රියදුරාගේ බිරිඳ සමඟ පැවැත්වූ අනියම් සබඳතාවයක් මුල්කරගෙන මෙම ඝාතනය සිදුවී ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

තුවාල ලැබූ පුද්ගලයා කලුබෝවිල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව පැය දෙකකට පමණ පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.