28.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලොරි - යතුරුපැදි අනතුරකින් දෙදෙනෙක් රෝහලට

ලොරි – යතුරුපැදි අනතුරකින් දෙදෙනෙක් රෝහලට

බණ්ඩාරගම කඹුරුගොඩ ප්‍රදේශයේදී ලොරි රථයක් යතුරුපැදි දෙකක ගැටී දෙදෙනෙක් රෝහල්ගත කට තිබේ.

මෙලෙස බරපතළ තුවාල ලබා ඇත්තේ මිල්ලනිය පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් 102453 හේරත් බණ්ඩාර නුවන් දර්ශන සහ මහවිල විද්‍යාලයේ ගුරුවරියක වන ආර්. ජි. වත්සලා යන දෙදෙනා බවයි පොලීසිය සඳහන් කළේ.

ලොරි රථ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ලොරි රථය බණ්ඩාරගම දෙස සිට කැස්බෑව දෙසට ධාවනය වීමේදී ඉදිරියෙන් ධාවනය වූ ලොරියක් කඹුරුගොඩ ප්‍රදේශයේ ඔලබොඩුව අතුරු මාර්ගයට හැරවීම සඳහා මාර්ගයේ මැද මං තීරුව වෙත ගැනීමත් සමග පසුපසින් පැමිණි ලොරි රථය දකුණු පසින් ඉස්සර කිරීමට යාමේදී බණ්ඩාරගම දෙසට පැමිණෙමින් තිබූ කොස්තාපල්වරයාගේ යතුරුපැදියේ ගැටී ඇති අතර යතුරුපැදිය ඉදිරියට ධාවනය වී අනතුරුව එම දිසාවටම දිශාවටම ධාවනය වූ ගුරුවරියගේ යතුරුපැදියේ ගැටී තිබේ.

බරපතල තත්ත්වයේ සිටි කොස්තාපල්වරයා සහ ගුරුවරිය ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.