― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ පළමු ශ්‍රී ලාංකික කත කතානායක හමුවෙයි

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ පළමු ශ්‍රී ලාංකික කත කතානායක හමුවෙයි

ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු මෙනවිය පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන හමුවී තිබෙනවා.

මෙහිදී කථානායකවරයා කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දුගේ දේශපාලන දිවිය පිළිබඳ සිය සතුට පළ කළ අතර දෙරටේ පාර්ලිමේන්තු ක්‍රමයන් පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු වුණා. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමේ යහ භාවිතයන් දිරිමත් කිරිම පිළිබඳවද දිර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු මෙනවිය 1987 දී ශ්‍රී ලංකාවේදී උපත ලබා 1999දී යි ඕස්ට්‍රේලියාව වෙත සංක්‍රමණය වී ඇත්තේ. ඇය ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂය වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ ‘හෝල්ට්’ ඡන්ද කොට්ඨාශය නියෝජනය කරමින් 2022 වසරේ ෆෙඩරල් මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබෙනවා. ඇය ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දේශපාලන නියොජිතයායි.

කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු මෙනවිය දේශපාලනයට පිවිසීමට පෙර ඕස්ට්‍රේලියානු බහුජාතික මූල්‍ය සමාගමක් වන වූල් වර්ත්ස් සමාගමේ සූපවේදිනියක ලෙස වසර 15ක් පමණ සේවය කර තිබෙනවා.

කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු මෙනවිය වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විශේෂ චාරිකාවක් ද සංවිධානය කර තිබුණා.