30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබීඩිවලින් රජයට මිලියන 482ක බදු ආදායමක්

බීඩිවලින් රජයට මිලියන 482ක බදු ආදායමක්

බීඩි සඳහා අය කරන බදු හේතුවෙන් පසුගිය ජනවාරි සිට පසුගිය ජූලි මාසය දක්වා රජයට රුපියල් මිලියන 482කට අධික බදු ආදායමක් ලැබී තිබේ.

කෙසේ වෙතත්, බීඩි සඳහා පනවා ඇති බදු හේතුවෙන් එම කර්මාන්තයේ නියැලෙන පුද්ගලයින්ට බලපෑම් එල්ල වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් ඊයේ ප්‍රකාශ කළා.

ඔහු සඳහන් කළේ මේ රටේ සියයට 23ක් බීඩි පානය කරන බවත් ග්‍රාමීය ප්‍රදේශවල ලක්ෂ 04ක පමණ පිරිසක් බීඩි කර්මාන්තයේ නිරත වන බවත්ය.

ඊට ප්‍රතිචාර දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියේ නව බද්දෙන් බීඩි කර්මාන්තයට කිසිදු බලපෑමක් සිදු නොවන බවයි.

බදු අය කිරීමත් සමඟම බීඩිවලින් ලැබෙන බදු ආදායමද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.