30.6 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉක්වදෝරයේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක්ට වෙඩි

ඉක්වදෝරයේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක්ට වෙඩි

ඉක්වදෝරයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකදී ජනාධිපති අපේක්ෂකයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ Fernando Villavicencio නම් ජනපති අපේක්ෂකයා බවයි.

උතුරු නගරයේ ක්විටෝ හි පැවති උත්සවයකින් අනතුරුව පිටව යන අවස්ථාවේදියි ඔහු මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ.

ජනාධිපතිවරණයේ පළමු වටය අගෝස්තු 20 වැනිදා පැවැත්වීමට නියමිතය.

ඔහුගේ ප්‍රචාරක කණ්ඩායමේ සාමාජිකයෙක් ප්‍රාදේශීය මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ Fernando Villavicencio මෝටර් රථයට ගොඩවෙමින් සිටියදී එක් පුද්ගලයෙක් ඉදිරියට ගොස් ඔහුගේ හිසට වෙඩි තැබූ බවයි.

ඉක්වදෝරයේ වත්මන් ජනාධිපති Guillermo Lasso පවසා ඇත්තේ තමා මෙම ඝාතනයෙන් කෝපයට හා කම්පනයට පත් වූ බවයි.