28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතිදෙනෙක් රෝහලට යැවූ හික්කඩුවේ ත්‍රිරෝද රථ අනතුර

තිදෙනෙක් රෝහලට යැවූ හික්කඩුවේ ත්‍රිරෝද රථ අනතුර

හික්කඩුව ප්‍රදේශයේ සිරි නැරඹීමට යමින් සිටි රුසියන් යුවලක් ගමන්ගත් ත්‍රිරෝද රථයක් තවත් ත්‍රීරෝද රථ තුනක සහ යතුරුපැදි හතරක් ගැටී ඊයේ (09) පස්වරුවේ සිදුවූ අනතුරකින් රුසියන් යුවල සහ තවත් කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

මෙසේ තුවාල ලබා ඇත්තේ ත්‍රීරෝද රථයේ ගමන්කල වස්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු යුවලක් සහ මාර්ගයේ රැදී සිටී කාන්තාවක්.

වස්කඩුවේ සංචාරක හෝටලයක සිට හික්කඩුව ප්‍රදේශයේ සිරි නැරඹීම සඳහා යමින් සිටි රුසියන් යුවළ රැගත් ත්‍රිරෝද රථය කටුකුරුන්ද ඉන්ධන පිරවුම්හල අසල දී ඒ දෙසටම ගමන්ගත් ත්‍රීරෝද රථයක ගැටී ඉදිරිරියට ඇදී ගොස් තවත් ත්‍රීරෝද රථ දෙකක සහ යතුරුපැදි දෙකක ගැටී පෙරලී ඇති අතර අනෙක් ත්‍රීරෝද රථය නවතා තිබූ යතුරුපැදි දෙකක ගැටී නතරවී ඇති බව පොලිසිය කීය.

තුවාල ලැබූ කතුන් දෙදෙනා නාගොඩ මහ රෝහලට රැගෙන ගොස් ඇති බවත් රුසියානුවා සුළු තුවාල ලබා ඇති බවත් පොලිසිය පැවසීය. රුසියන් යුවළ් ගමන්ගත් ත්‍රීරෝද රථ රියදුරුට නින්ද යාම අනතුරට හේතුව බවට සැකකරන බවත් ඔහු අත්ඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසයි.