30 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportධනුෂ්කගේ ඇප කොන්දේසි ලිහිල් කරයි

ධනුෂ්කගේ ඇප කොන්දේසි ලිහිල් කරයි

මාස ගණනක සිට ඔස්ට්‍රේලියාවේ සිර වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට ඕස්ට්‍රේලියාව තුළ සංචාරය කිරීමට සිඩ්නි අධිකරණය ඇප කොන්දේසි ලිහිල් කරමින් අවසර ලබා දී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඒ අනුව මෙම මස තුළදී ඕස්ට්‍රේලියාව තුළ දෙවතාවක් සංචාරය කිරීමට ධනුෂ්ක ගුණතිලක හට සිඩ්නි ඩවුනින්ග් සෙන්ටර් අධිකරණය අවසර ලබා දී ඇති බවයි.

මෙම සතියේ දින හතරක් සහ මස අවසානයේ දින හතරක් ගුවන්තොටුපොළවල් වෙත යෑමට ගුණතිලකට අවසර ලබා දී ඇති අතර ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල් වෙත යෑම වළක්වාලමිනුයි පනවා තිබූ දැඩි ඇප කොන්දේසිය ලිහිල් කරමින් මෙම අවසරය ලබා දී ඇත්තේ.

නමුත් සිඩ්නි ඩවුනින්ග් සෙන්ටර් අධිකරණය ධනුෂ්කට නියෝග කර ඇත්තේ සංචාරය කිරීමට අවම වශයෙන් පැය 48 කට පෙර සංචාරයේ කාලසීමාව, ස්ථානය සහ ගමන් මාර්ගය පොලිසියට දැනුම් දිය යුතු බවයි.