28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමරණ 03කට හේතු වූ එන්නත නිපදවා ඇත්තේ මෙරට නිෂ්පාදනාගාරයක

මරණ 03කට හේතු වූ එන්නත නිපදවා ඇත්තේ මෙරට නිෂ්පාදනාගාරයක

මෙරට මරණ තුනකට හේතුවූ Co – Amoxiclave for Inj Bp1.2g නැමති වේදනානාශක එන්නතේ කාණ්ඩ තුනක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය රසායනාගාරය වෙත යොමු කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර තිබේ.

ජාතික ඖෂධ නියාමන අධීකාරියේ සභාපති මහාචාර්ය එස්.ඩී ජයරත්න කියා සිටියේ මෙම එන්නත සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකිරීම සදහා මෙම පියවර ගත් බවයි.

මෙම එන්නත ලබාදීමෙන් පසු රාගම ශීක්ෂණ රෝහල, නිකවැරටිය මූලික රෝහල, වතුපිටිවල රෝහල හා ගම්පහ රෝහල් වලින් උඝ්‍ර ආසාත්මික තත්වයන් ලක්වූ රෝගීන් වාර්තා වූ අතර ඒ අතරින් රෝගින් තිදෙනෙකුම මිය ගියේය.

මෙම එන්නත හොරණ කිදෙල්පිටියේ පිහිටි පුද්ගලික ඖෂධ නිෂ්පාධනාගාරයක් වන ණවෙස්ට ඵර්මcඑඋටිcඅල්ස් නම් නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.