25 C
Colombo
Tuesday, October 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවතු ජනතාවගේ සියලු යුතුකම් ඉටු කරනවා - රමේෂ් පතිරණ

වතු ජනතාවගේ සියලු යුතුකම් ඉටු කරනවා – රමේෂ් පතිරණ

වතුකරයේ ජනතාව වෙනුවෙන් රජයෙන් කළ යුතු සියලු යුතුකම් ඉටු කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (10) පාර්ලිමේන්තුවේදී ‘වර්තමානයේ වතු ප්‍රජාව මුහුණදෙන සමාජ-ආර්ථික ගැටලු’ පිළිබඳව සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමිනි.

වතු සමාගම් ලාභ ලැබුවත් එය නොපෙන්වන බවත් වතු ජනතාවට ඔවුන්ගේ යුතුකම ඉෂ්ඨ කරන ලෙස කිහිප වතාවක් දැනුම් දී ඇති බවත් සඳහන් කරනවා. වතු ජනතාවගෙන් පාසල් ගොස් ඇත්තේ 52%ක් වන අතර මාතෘ මරණ, ළඳරු මරණ, පෝෂණ මට්ටම ඉතා පහළ මට්ටමක පවතිනවා. ලංකාවේ සිටින ධනවතුන් මෙම වතු සමාගම් පාලනය කරනවා. මේ සම්බන්ධයෙන් වතු හිමියන්ට සමාජ වගකීමක් තිබෙනවා.