― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsHIV අවදානම වළක්වා ගැනීමට නව ප්‍රතිකාරයක්

HIV අවදානම වළක්වා ගැනීමට නව ප්‍රතිකාරයක්

HIV අවදානමක් ඇති පුද්ගලයින් හට එම අවදානම වළක්වා ගැනීම සඳහා ‘ප්‍රෙප්’ නැමැති නව ප්‍රතිකාර ක්‍රමයක් හඳුන්වා දී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජානකී විදානපතිරණ පැවසුවේ මේ වසරේ මුල් කාර්තුව තුළ HIV නව ආසාදිතයින් 165 දෙනෙකු වාර්තා වී ඇති බවත් දිවයින පුරා ඇති ලිංගාශ්‍රිත රෝග සායනවලින් මෙම ප්‍රතිකාර ලබාගත හැකි බවත්ය.

ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහන මඟින් HIV අවදානමක් තියෙන අයට එය වළක්වා ගැනීම සඳහා ප්‍රතිකාර ක්‍රමයක් ආරම්භ කරලා තියෙනවා. ප්‍රෙප් ප්‍රතිකාර ලබාගන්න පුළුවන් දිවයින පුරා තියෙන ලිංගාශ්‍රිත රෝග මධ්‍යස්ථාන 41න්ම. තමන් HIV අවදානමට ලක්වීමට අවදානම් හැසිරීම් තියෙන කෙනෙක් නම් වෛද්‍යවරයෙක් හමුවෙලා තමන්ගේ අවදානම ගැන කතා කරලා ඒ අවශ්‍ය ප්‍රතිකාර ලබාගන්න. මේ සඳහා කරනු ලබන පරීක්ෂණ සහ ලබාදෙන ඖෂධ නොමිලේ තමා පාවිච්චි කරන්නේ. HIV අවදානම තියෙන අයට මේ ප්‍රතිකාර ලබාගන්න කියලා අපි අවදානම් හැසිරීම් තියෙන අයට අපි කාරුණිකව ඉල්ලා සිටිනවා.