26.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldකච්චතිව් දූපත ලංකාවට දුන්නැයි මෝදිගෙන් චෝදනාවක්

කච්චතිව් දූපත ලංකාවට දුන්නැයි මෝදිගෙන් චෝදනාවක්

1974 වසරේදී ඉන්දිරා ගාන්ධි මහත්මියගේ රජය ඉන්දු ශ්‍රී ලංකා සමුද්‍රීය ගිවිසුම යටතේ කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරා දුන් බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි චෝදනා කළේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ විශ්වාසභංග යෝජනාව පිළිබඳව පැවති විවාදයේදී කොංග්‍රස් පක්ෂයට චෝදනා නගමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මෝදි කියා සිටියේ ඉන්දියාව තුළ බෙදීමක් ඇති වූයේද ඉන්දිරා ගාන්ධි මහත්මියගේ රජය පැවති කාලයේ බවයි.

කච්චතිව් දූපත ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ රාමේශ්වරම් අතර පැවති දූපතක් බවත් සම්ප්‍රදායිකව දෙරටේ ධීවරයන් මෙම දූපත මසුන් ඇල්ලීම සඳහා භාවිත කළත් 1974 දී ඉන්දු ශ්‍රී ලංකා සමුද්‍රීය ගිවිසුම යටතේ කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයත් භූමියක් ලෙස එවකට අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මහත්මිය හඳුනාගත් බවත් අග්‍රාමාත්‍ය මෝදි සඳහන් කර ඇත.