27.8 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකළුතර හෙද වර්ජනය අත්හිටුවයි

කළුතර හෙද වර්ජනය අත්හිටුවයි

කළුතර දිස්ත්‍රික් රෝහල්වල හෙද හෙදියන් අද (11) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ එක්දින වැඩ වර්ජනයක් අත්හිටුවා තිබෙනවා.

බදුරලිය රෝහලේ සේවය කරන ලද හෙද සොහොයුරි‍යක් පදනම් විරහිත චෝදනා ගොනු කරමින් අසාධාරණ ලෙස පිඹුර රෝහල වෙත මාරු කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙනුයි ඔවුන් මෙම වර්ජනය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ.

කෙසේ වෙතත් එම ස්ථාන මාරුව අවලංගු කළ බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ලිඛිතව දැනුම්දීමත් සමඟ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ලේකම් අජිත් රත්නායක පැවසුවේ.