27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදැඩි නියඟයෙන් උතුරේ 72,357ක් පීඩාවට

දැඩි නියඟයෙන් උතුරේ 72,357ක් පීඩාවට

දිවයිනට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් උතුරු පළාතේ පවුල් 22,666කට අයත් පුද්ගලයින් 72,357 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම න්මියඟය හේතුවෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ යාපනය හා කිළිනොච්චිය යන දිස්ත්‍රික්කවල ජනතාවයි.

යාපනයේ හා කිළිනොච්චිය ප්‍රදේශවල වැව්වල ජලය ඉතා සීඝ්‍ර ලෙස සිදී ගොස් ඇති අතර පානීය ජලය සපයා ගත් ළිං ඇතුළු බොහෝ ජල සම්පත් සම්පූර්ණයෙන්ම සිදී ගොස් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

කුඹුරු විශාල ප්‍රමාණයක් නියගය නිසා විනාශ වී ගොස් පිදුරු බවට පත්ව ඇති අතර උතුරේ වැසියන්ගේ අඹ, කෙසෙල්, පොල් වැනි වගාවන්ද විනාශ වෙමින් පවතී.

ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා බව්සර් මගින් පානීය ජලය සපයනු ලබයි.