26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිවස තුළදීම තම දියණිය මුදලට විකිණූ මවක් අත්අඩංගුවට

නිවස තුළදීම තම දියණිය මුදලට විකිණූ මවක් අත්අඩංගුවට

14 හැවිරිදි තම දියණිය ලිංගික අපයෝජනය සඳහා විවිධ පුද්ගලයින්ට මුදලට විකුණු දැරියගේ මව අත්අඩංගුවට ගෙන තිබේ.

දිවුලපිටිය පොලිසිය සඳහන් කළේ දැරිය ලිංගික අපයෝජනයට ලක් කළ එක් සැකකරුවෙකුද මේ සමඟම අත්අඩංගුවට ගත් බවයි.

දැරියගේ පියා මියගොස් ඇති බවත් සිව් දරු මවක් වන සැකකාරිය නිවසට විවිධ පුද්ගලයින් ගෙන්වාගෙන, එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 2000 බැගින් ලබාගෙන තම දියණියව නිවස තුළදීම ලිංගික අපයෝජනය සඳහා යොමු කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවලදී පුද්ගලයින්ව නිවසට ගෙන්වා ගන්නා සැකකාරිය පැමිණෙන එම පුද්ගලයාව සහ තම දියණියව නිවස තුළට දමා දොරවල් වසා දමා මුරකාවලේ යෙදෙන බවත් හෙළි වී තිබේ.

දැරිය විසින් මෙම වද හිංසාව ඉවසා දරාගත නොහැකිව ඉගෙනුම ලබන පාසලේ ගුරුවරියකට සිද්ධිය පවසා ඇති අතර ගුරුවරිය විසින් මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කර ඇත.

දැරිය අපහරණය කළ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා
දිවුලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.