27.7 C
Colombo
Wednesday, May 21, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබදුල්ල රෝහල ලංවිමට මිලියන 20ක් ගෙවයි

බදුල්ල රෝහල ලංවිමට මිලියන 20ක් ගෙවයි

හිඟ විදුලි බිල් පියවීමට කටයුතු නොකිරීම හේතුවෙන් ඊයේ බදුල්ල ශික්ෂණ රෝහලට අයත් අංශ කිහිපයක විදුලිය විසන්ධි කළ අතර අද (11) දිනයේදී එම අංශ සඳහා විදුලි සැපයුම යළි ලබාදීමට පියවර ගෙන තිබේ.

රෝහල් පාලනාධිකාරිය විසින් ඊයේ (10) පස්වරුවේ රුපියල් මිලියන 20ක මුදලක් ගෙවා ඇති අතර ඉතිරි මුදල සතියක් තුළ ගෙවා දමන බවට ලිඛිතව දැනුම් දීමෙන් පසු යළි විදුලි සැපයුම ලබාදීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

රුපියල් කෝටි 07කට ආසන්න හිඟ විදුලි බිලක් රෝහල වෙත යොමුකර තිබු අතර එය නොගෙවීම හේතුවෙන් ඊයේ පෙරවරුවේ රෝහලේ වෛද්‍ය නිල නිවාස, හෙද පුහුණු අංශය හා හෙද නේවාසිකාගාරයේ විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගත්තේය.