25.6 C
Colombo
Saturday, February 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබදුල්ල රෝහල ලංවිමට මිලියන 20ක් ගෙවයි

බදුල්ල රෝහල ලංවිමට මිලියන 20ක් ගෙවයි

හිඟ විදුලි බිල් පියවීමට කටයුතු නොකිරීම හේතුවෙන් ඊයේ බදුල්ල ශික්ෂණ රෝහලට අයත් අංශ කිහිපයක විදුලිය විසන්ධි කළ අතර අද (11) දිනයේදී එම අංශ සඳහා විදුලි සැපයුම යළි ලබාදීමට පියවර ගෙන තිබේ.

රෝහල් පාලනාධිකාරිය විසින් ඊයේ (10) පස්වරුවේ රුපියල් මිලියන 20ක මුදලක් ගෙවා ඇති අතර ඉතිරි මුදල සතියක් තුළ ගෙවා දමන බවට ලිඛිතව දැනුම් දීමෙන් පසු යළි විදුලි සැපයුම ලබාදීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

රුපියල් කෝටි 07කට ආසන්න හිඟ විදුලි බිලක් රෝහල වෙත යොමුකර තිබු අතර එය නොගෙවීම හේතුවෙන් ඊයේ පෙරවරුවේ රෝහලේ වෛද්‍ය නිල නිවාස, හෙද පුහුණු අංශය හා හෙද නේවාසිකාගාරයේ විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගත්තේය.