33.4 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුදල් කොල්ල කෑ පොලිස් නිලධාරින් තිදෙනා අත්අඩංගුවට

මුදල් කොල්ල කෑ පොලිස් නිලධාරින් තිදෙනා අත්අඩංගුවට

පුද්ගලයෙකුට පහරදී ඔහු සතු මුදල් කොල්ල කෑ පොලිස් නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

පසුගිය 09 වැනිදා රාත්‍රියේ එරාවූර් නගරයේ මාර්ගයක යමින් සිටි පුද්ගලයෙකු හැඳුනුම්පත නොමැති වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන මෙම සැකකාර නිලධාරීන් තිදෙනා ඔහු සතුව තිබූ රුපියල් 6500ක මුදලක් කොල්ලකා තිබේ.

නීතිය ක්‍රියාත්මක නොකිරීම සඳහා මොවුන් තිදෙනා විසින් රුපියල් 20,000ක අල්ලස් මුදලක්ද ඉල්ලූ බවයි එම පුද්ගලයා මඩකලපුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත පවසා ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එරාවුර් පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන් සැරයන්වරයෙක්, පොලිස් කොස්තාපල් රියැදුරකු සහ පොලිස් කොස්තාපල්වරයෙක් බවයි වාර්තා වන්නේ.