27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsභූමදානය කළ මළ සිරුරක් නැවත ගොඩ ගනී

භූමදානය කළ මළ සිරුරක් නැවත ගොඩ ගනී

රිය අනතුරකින් බරපතල තුවාල ලබා නිවසේ ප්‍රතිකාර සිටියදි මියගිය ලද පුද්ගලයෙකුගේ මිහිදන් කරන ලද දේහයක් නැවත ගොඩ ගෙන තිබෙනවා.

ඒ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කේ. ජීවරානි මහත්මිය ඉදිරියේදී යි.

මෙලෙස ගොඩගනු ලැබුවේ ගෝඩුන්න ඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 39 වියෙහි පසුවූ පුද්ගලයෙකුගේ සිරුරයි.

2018 වසරේ ඔක්තෝබර් මස 30 වනදා ඇල්ල පස්සර මාර්ගයේ 7 කණුව ප්‍රදේශයේ දී රිය අනතුරකින් හිසට සිදු වූ බරපතල තුවාල හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබා පසුව නිවසේ සිට ප්‍රතිකාර ලබමින් පසුවුණා.

එලෙස ප්‍රතිකාර ලබමින් සිටියදී යි ඔහු පසුගිය ජූලි මස 08 වනදා නිවසේදී මියගොස් ඇත්තේ.

පසුව මේ පිළිබඳව පොලිසිය වෙත කරුණු නොදන්වා මියගිය පුද්ගලයාගේ මළ සි⁣රුර ඔහුගේ ඥාතින් විසින් ජුලි මස 09 වනදා ගෝඩුන්න පොදු සුසාන භූමියේදී මිහිදන් කර තිබුණා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් පොලිසිය බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු අදාළ දේහය ඊයේ බණ්ඩාරවෙල ⁣මහේස්ත්‍රාත්වරිය, බදුල්ල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා සහ මියගිය පුද්ගලයාාග් ඥාතින් ඇතුළු පිරිසක් ඉදිරි ගොඩ ගැනීම සිදු කර තිබෙනවා.

අදාළ මෘතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බදුල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා