27.8 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැසි නොලැබුණොත් දකුණට අනිවාර්ය විදුලි කප්පාදුවක්

වැසි නොලැබුණොත් දකුණට අනිවාර්ය විදුලි කප්පාදුවක්

ඉදිරි දිනවලදී ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබුණ හොත් විදුලි ජනනය කිරීම සිදු කළ හැකි වන්නේ 16 වැනිදා දක්වා පමණක් බව ජේෂ්ඨ විදුලි ඉංජිනේරු සංගම‍යේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ලබන 16 වැනිදායින් පසු දකුණු පළාතේ දින 10ක පමණ කාලයක් පැය දෙකකට ආසන්නව විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇති බවත් වර්ෂාව නොලැබුණහොත් හදිසි විදුලිය මිලදී ගැනීම්වලට යාමට සිදුවන අතර එසේ නොමැති වුවහොත් විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බවත් ඔහු එහිදී අවධාරණය කළේය.

කෙසේනමුත් දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු නොවන අතර දකුණු පළාතේ පමණක් රාත්‍රී කාලයේ පැය දෙකකට ආසන්න කාලයක් විදුලිය කප්පාදුව කිරීමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.