30.6 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldහවායි දූපත්වල ලැව් ගිනිවලින් මියගිය ගණන 80 ඉක්මවයි

හවායි දූපත්වල ලැව් ගිනිවලින් මියගිය ගණන 80 ඉක්මවයි

හවායි දූපතේ ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 80 දක්වා ඉහල ගොස් තිබෙනවා.

තවත් විශාල පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු නොමැති ඔවුන් මෙතෙක් සම්බන්ධ කර ගත නොහැකි බැවින් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවටයි බියක් මතුවී ඇත්තේ.

සහමුලින්ම විනාශයට පත්ව ඇති ඓතිහාසික ලහයිනා නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයක ලැව්ගිනි මැඩපැවැත්වීමට ගිනි නිවන භටයන් තවදුරටත් උත්සාහ දරමින් සිටිනවා.

වසරකට සංචාරකයින් මිලියන දෙකක් පමණ ආකර්ශනය කර ගන්නා වෙරළබඩ ලහයිනා නගරයේ ප්‍රදේශ රැසක් විනාශ කරමින්, හටගත් ලැව් ගිනිවලින් පසු ප්‍රථම වරට පදිංචිය පිළිබඳ සාක්ෂි සහිත පුද්ගලයින් සඳහා ලාහයිනා නැවත විවෘත කර තිබෙනවා.