― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeWorldහවායි ලැව් ගින්නෙන් මියගිය ගණන තවත් ඉහළට

හවායි ලැව් ගින්නෙන් මියගිය ගණන තවත් ඉහළට

ඇමරිකා එක්සත් ජනපදයේ හවායි ප්‍රාන්තයේ ඓතිහාසික ලහයිනා නගරය විනාශ කළ ලැව් ගින්නෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 93ක් දක්වා ඉහළ ගොස් ඇති බවට තහවුරු වී තිබෙනවා.

මෙම ලැව් ගින්නෙන් විශාල පිරිසක් අතුරුදන්ව ඇති අතර, තවත් විශාල පිරිසක් අවතැන්ව ඇති බවයි හවායි ආණ්ඩුකාර ජොෂ් ග්‍රීන් සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මෙම ගින්න හවායි ප්‍රාන්තය මෙතෙක් මුහුණ දුන් දරුණුතම ස්වභාවික ව්‍යසනය වනු ඇති බවයි.

එමෙන්ම පිලිස්සී මියගිය පුද්ගලයින් හඳුනා ගැනීමට DNA පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව ද වාර්තා වනවා.

ලැව්ගිනි මේ වන විට බොහෝ දුරට පාලනය කර ඇති අතර, ඒවා සම්පූර්ණයෙන්ම නිවා දැමීමේ උත්සාහයන් ව්‍යර්ථ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර වෙරළබඩ ප්‍රදේශයේ ඉතිරිව ඇති දේ සහ සුන්බුන්වලට යටව ඇති මළ සිරුරු සෙවීම සඳහා පුහුණු කරන ලද සුනඛයන් යොදා ගැනීමට බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

එමෙන්ම බලධාරීන් පවසන්නේ තවමත් පුද්ගලයන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධ කර ගැනීමට නොහැකි තත්ත්වයක් හෝ ඔවුන් පිළිබඳව කිසිඳු තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.