25.6 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅඩක් නිමකළ නිවාස 11,000ක් සඳහා සූර්ය එළියෙන් විදුලිය

අඩක් නිමකළ නිවාස 11,000ක් සඳහා සූර්ය එළියෙන් විදුලිය

සූර්ය එළියෙන් විදුලිය ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ විදුලිය ලබාදීම සඳහා අඩක් නිමකළ නිවාස 11,000 ක් මේ වන විට තෝරාගෙන අවසන් බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසනවා.

මේ සඳහා ව්‍යාපෘති 15කින් නිවාස 11,000 තෝරාගෙන තිබේ.

අඩු ආදායම්ලාභි නිවාස 25,000 ක් සඳහා සූර්ය පැනල මගින් විදුලිය ලබාදීමේ ව්‍යාපෘතිය සඳහා කැබ්නට් අනුමැතිය ලැබී තිබු අතර අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතායි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය හා විදුලිබල හා බලශක්ත අමාත්‍යාංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.