29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldඉරානයේ දේවස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක්

ඉරානයේ දේවස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක්

ඉරානයේ ෂිරාස් නගරයේ, ෂා ෂෙරාග් මුස්ලිම් දේවස්ථානයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

පුද්ගලයින් 10කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර දේවස්ථානයට ඇතුළු වූ තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

වෙඩිතැබීම සිදුකළ ත්‍රස්වාදීන් දෙදෙනාගෙන් එක් අයෙකු මේ වන විට එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වනවිට ප්‍රහාරය එල්ල වූ ෂිරාස් නගරයට විශේෂ ආරක්ෂාවක් සපයා ඇත.