26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑක්දරු පියෙක්ට නිවස තුළදී සිදු වූ අපරාධය

එක්දරු පියෙක්ට නිවස තුළදී සිදු වූ අපරාධය

අද (14) අලුයම දොඩංගොඩ නිවසක් තුළදී එක්දරු පියෙකු තියුණු ආයුධයකින් කපාකොටා ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දොඩංගොඩ, දොලේලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි මාතර ආරච්චිගේ දිමුත් චාමික නමැති 37 හැවිරිදි එක්දරු පියෙකි.

පොලීසිය සඳහන් කළේ මියගිය තැනැත්තාගේ නිවස අලුත්වැඩියා කරන බැවින් සිය බිරිඳ සහ එකම දරුවා සමග බිරිඳගේ නිවසෙහි රැඳී සිටියදී මෙම ඝාතනය සිදුව අති බවයි.

අලුයම 2.30ට පමණ නිවසෙහි ඉදිරිපස සහ පසු දොරවල් කඩා ඇතුළු වූ ඝාතකයින් තියුණු ආයුධවලින් මොහුට පහර දී ඇති අතර පහර කෑමට ලක්ව බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට යාමේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.