27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදියේ ගිලී තරුණයෙක් ජීවිතක්ෂයට

දියේ ගිලී තරුණයෙක් ජීවිතක්ෂයට

ඌව පරණගම, රතඹ, දියකොලආරාව අමුණේ දිය නෑමට ගිය තරුණයෙක් ඊයේ (13) පස්වරු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නුවරඑළිය, කඳ⁣පොල ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙක් බවයි අඹගස්දෝව පොලිසිය පැවසුවේ. තම සොහොයුරියගේ නිවසට පැමිණ ඇති මෙම තරුණයා ඊයේ (13) සවස ඔහුගේ ඥාති සොහොයුරෙකු සමඟ මෙම අමුනේ දියනෑමට ගොස් තිබෙනවා.

එහිදී තරුණයා දිය වළකට පැනීමෙන් පසු දියේ ගිලීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

දියේ ගිලුනු තරුණයා ගොඩට ගෙන ඌව පරණගම රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.

මියගිය තරුණයාගේ මළ සිරුර මේ වනවිට ඌව පරණගම රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.