28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනියඟයෙන් හානි වූ ගොයමට ගිනි තැබුවහොත් වන්දි නැහැ

නියඟයෙන් හානි වූ ගොයමට ගිනි තැබුවහොත් වන්දි නැහැ

නියඟය නිසා හානි වූ ගොයමට ගිනි තැබුවහොත් වන්දි නොමැති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය දැනුම් දෙයි.

දැඩි නියඟය නිසා හානි වී ඇති ගොයම් වගාවන්ට ඇතැම් පුද්ගලයින් ගීනි තබා විරෝධය දක්වන ආකාරය පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ විකාශය කරනු ලැබීය.

ගොයම් වගාවන්ට ගිනි තැබීම නීතිවිරෝධී වන අතරම දැනට පවතින නියඟ තත්ත්වය හේතුවෙන් හානි වී ඇති ගොයම් වගාවන්ට ගිනි තැබුවහොත් ඔවුන්ට කිසිසේත්ම වන්දි මුදලක් ගෙවීමට කටයුතු නොකරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ.

එම මණ්ඩලය විසින් මේ දිනවල නියඟයෙන් හානියට පත් කුඹුරුවල ගොයම් වගාවන්ට සිදුව ඇති හානිය සම්බන්ධව තක්සේරු කිරීම් ආරම්භ කර ඇත. ගොයම් වගාවන්ට ගිනි තැබු පසු හානි තක්සේරු කිරීමට හැකියාවක් නොමැති නිසා ඔවුන්ට වන්දි ලබා දීමට ද හැකියාවක් නැති බව එම මණ්ඩලය පෙන්වා දෙයි.

කෙසේ වුවද යම් පුද්ගලයෙක් තම කුඹුරට ගිනි තබන්නේ නම් ඔවුන්ට රජය විසින් ලබා දුන් පොහොර සහනාධාරය ඇතුළු සහන සඳහා වැය කරන ලද මුදල ද නිශ්ප්‍රයෝජන වන බැවින් ඒ සඳහා නීතිමය පියවර ගැනීමේ හැකියාව සම්බන්ධව සොයා බැලීමට ද කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.