28.9 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනොරොච්චෝලේ කැඩුණු යන්ත්‍රය අනිද්දා සිට යළි වැඩ

නොරොච්චෝලේ කැඩුණු යන්ත්‍රය අනිද්දා සිට යළි වැඩ

නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රිය වූ දෙවන ජනන යන්ත්‍රය අනිද්දා (16) දිනයේදී ජාතික පද්ධතියට එක් කරන බව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න පවසයි.

එම ජනන යන්ත්‍රය පසුගිය 08 වැනිදා අලුයම හදිසි බිඳ වැටීමකට ලක්වූ අතර එමඟින් ජාතික පද්ධතියට මෙගාවොට් 270 ක විදුලි ධාරිතාවක් අහිමි විය.

එමෙන්ම නොරොච්චා්ලේ බලාගාරයේ තවත් ජනන යන්ත්‍රයක් වාර්ෂික නඩත්තුව සඳහා පසුගිය ජූනි මාසයේදී අක්‍රිය කර ඇති අතර ඒ අනුව මේ වනවිට එහි ක්‍රියාත්මක තත්වයේ පවතින්නේ එක් ජනන යන්ත්‍රයක් පමණයි.