― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsප්‍රසූතියේදී බිම වැටුණු බිළිඳා ගැන රෝහල් අධ්‍යක්ෂ කතා කරයි

ප්‍රසූතියේදී බිම වැටුණු බිළිඳා ගැන රෝහල් අධ්‍යක්ෂ කතා කරයි

දරු ප්‍රසූතියක් සිදු කරන අවස්ථාවේදී එම බිළිඳා බිම වැටීමෙන් මියගිය බව කියන සිද්ධියක් ඊයේ (13) අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් වාර්තා වුණා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගිය බිළිඳාගේ මව පැවසුවේ දරු ප්‍රසූති සිදුවනවාත් සමඟ තම බිළිඳා බිමට වැටුණු බවත් එම අවස්ථාවේදී බිළිඳාව අල්ලා ගැනීමට එහි සිටි හෙද කාර්ය මණ්ඩලයට නොහැකි වූ බවයි.

එලෙස බිම වැටුණු තම බිළිඳා රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ බවත්, දින තුනක් එහි ප්‍රතිකාර ලබමින් සිටි බිළිඳා ඊයේ (13) මිය ගිය බවත් අදාළ මව පවසා සිටියා.

මෙලෙස මියගිය බිළිඳාගේ මව සහ පියා සඳහන් කර සිටියේ දරු ප්‍රසූතිය සිදුවන අවස්ථාවේ ඒ අසල සිටි හෙද කාර්ය මණ්ඩලයේ නොසැලකිලිමත්කම හේතුවෙන් තම දරුවාට ජීවිතය අහිමි වූ බවයි.

මෙම අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර අද (14) මාධ්‍යට අදහස් දක්වා සිටියා. එහිදී ඔහු සඳහන් කළේ මෙම සිද්ධිය නොසැලකිල්ල මත සිදුවූ දෙයක් ද යන්න පිළිබඳව එක්වරම ප්‍රකාශ කළ නොහැකි බවයි.

සිදුකරනු ලබන මරණ පරීක්ෂණයෙන් මෙම මරණයට හේතු වූ කාරණය නිශ්චිතවම ප්‍රකාශ කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මෙම බිළිඳා නියමිත කාලයට පෙර එනම් සති 31ක් වැනි කාලයක දී බිහිවී ඇති බවත් මෙය අඩු බර දරු ප්‍රසූතියක් ලෙසට හඳුනාගෙන ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කළා.

වෛද්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ දැනට අනාවරණය වී ඇති කරුණු අනුව මෙම දරු ප්‍රසූතියේ දී බිළිඳා අධික තෙරපුමක සිට දැඩි පීඩනයක් යටතේ එක්වරම නිදහස්වීමකින් සිදුව ඇති බවයි.