26 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිරිඳ නිවසේ සිරකර සැමියා ගෙට ගිනි තියලා

බිරිඳ නිවසේ සිරකර සැමියා ගෙට ගිනි තියලා

සිය බිරිඳව නිවසක් තුළ සිරකර එයට ගිනි තැබූ පුද්ගලයකු අද (14) අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර, ගමගොඩ, රජවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවයි වාර්තා වුණේ.

දෙදෙනා අතර කලක සිට පවුල් ආරවුල් පැවති ඇති අතර සැකකරු ඊයේ සවස බීමතින් පැමිණ සිය බිරිඳ කාමරයක සිටියදී මෙලෙස ගිනි තබා ඇති බවයි පොලිසිය පවසන්නේ.
කෙසේවෙතත් එම අවස්ථාවේදී අදාළ කාන්තාව නිවසින් පිටතට පැන ගැනීමට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. ගිනි තැබීමෙන් නිවසේ කොටසකට අලාභ හානි සිදුව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.