27.8 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් චීන පර්යේෂණ නෞකාවක් මෙරටට

තවත් චීන පර්යේෂණ නෞකාවක් මෙරටට

චීන සමුද්‍ර පර්යේෂණ යාත්‍රාවක් වන ෂි යාන් 6 මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

මෙම චීන සමුද්‍ර පර්යේෂණ යාත්‍රාව ශ්‍රී ලංකාවේ නාරා ආයතනය සමග විද්‍යාත්මක ගවේශණයකටද සූදානම් වන බවත් දකුණු ඉන්දීය සාගර කලාපය සහ ආර්ථික කලාපය ඇතුළත්ව පුළුල් සමීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම යාත්‍රාව කොළඹ වරායේ සහ හම්බන්තොට වරායේ නැංගුරම්ලෑමට නියමිතව ඇති බවයි.

මෙම නෞකාව නොවැම්බර් මාසය දක්වා මෙරට රැඳී සිටීමට සැළසුම් කර ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් අනුමැතිය ඉල්ලා ඇතත් තවමත් ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි විදෙස් වාර්තා මාධ්‍ය වාර්තා කරන්නේ.