31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalලංකාව ලෝකයට ණය දෙන රටක් කරනවා - වජිර

ලංකාව ලෝකයට ණය දෙන රටක් කරනවා – වජිර

ශ්‍රී ලංකාව අද ලෝකයෙන් ණය ගන්න රටක් වුවද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයගේ නායකත්වය යටතේ ඉදිරියේදී ලංකාව ලෝකයට ණය දෙන රටක් බවට පත්වනු ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සන්දහන් කළේ තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාසයේ එජාප ආසන බලමණ්ඩලය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මෙරට ජනතාව ලෝකයේ රැකියාවලට යනවා වෙනුවට ලෝකයේ ජනතාව ලංකාවේ රැකියා සඳහා එන යුගය බිහි වනු ඇති බවයි.

මෙම කරුණු ඇතැමුන් සිනහවට ලක් කළ ද ඉන්දියාවේ සිට ලංකාවේ වතුවල වැඩ කිරීමට මිනිසුන් පැමිණි බව සිනහ නගන පුද්ගලයන්ට අමතක වී ඇති බවයි මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ.