― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsසීනි බදු වංචාවෙන් සිදුවූ පාඩුව අයකර ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන ප්‍රශ්න...

සීනි බදු වංචාවෙන් සිදුවූ පාඩුව අයකර ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන ප්‍රශ්න කරයි

පසුගිය සමයේ සිදුවූ සීනි බදු වංචාවෙන් මෙරටට සිදු වූ පාඩුව අයකර ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මුදල් අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වීම පිළිබඳව කමිටුව සිය අප්‍රසාදය පළ කර සිටියා.

පසුගියදා (08) පාර්ලිමේන්තුවේ දී පැවැති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මෙම කරුණු පිළිබඳව අවදානය යොමු වුණා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් මෙතෙක් පියවරක් නොගන්නේ මන්දැයි කමිටුව මෙහිදී අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියා.

ඒ, අනුව මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් ප්‍රකාශ කළේ එහි ප්‍රගතිය පිළිබඳව තමන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව යාවත්කාලීන කරමින් සිටින බවයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් නඩුවක් විභාග වෙමින් පවතින බැවින් අදාළ තීරණයෙන් පසුව ඉදිරි කටයුතු සිදුකරන බව නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් දී ඇති බව ද සඳහන් කළා.

අනතුරුව කාරක සභාව විමසා සිටියේ අදාළ පාර්ශ්ව අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුව ඉල්ලා අස්කර ගන්නේ නම් පියවරක් ගත හැකිද යන්නයි.

ඒ, අනුව හැකි ඉක්මනින් මේ සම්බන්ධයෙන් කමිටුව දැනුවත් කරන ලෙස කාරක සභාව නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියා.

තිරිඟු පිටි සම්බන්ධයෙන් ආනයන අපනයන පාලන පනත යටතේ ඇති රෙගුලාසි යටතේ නිකුත් කර ඇති ගැසට් පත්‍රයේ මීට පෙර පළ වූ රෙගුලාසිවලට අදාළව ඉදිරිපත් කර ඇති ගැටළු සම්බන්ධයෙන් ද මුදල් අමාත්‍යාංශය විසිනන් කමිටුව දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් ද කමිටුව අවධානය යොමු කළා.

තවද, 2023.07.21 දිනැති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අවධානයට ලක් කරන ලද 2023.07.18 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අංක 2336/45 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 1969 අංක 1 දරණ ආනයන හා අපනයන පාලන පනත යටතේ ඇති රෙගුලාසි පිළිබඳව ද මෙහිදි සාකච්ඡා කෙරුණා.

එදින මෙම කමිටුවේ තාවකාලික සභාපති ලෙස කටයුතු කළ පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළේ තිරිඟු පිටි ආනයනය සඳහා බලපත්‍රය නිකුත් කිරීම තිරිඟු පිටි ඇණවුම් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කොට ඇති සමාගම්වලට පමණක් සීමා කිරීම
හේතුවෙන් වර්තමානයේදී තිරිඟු පිටි සම්බන්ධ ද්වීඅධිකාරයක් නිර්මාණය වී ඇති බවයි.

ඒ, සම්බන්ධයෙන් ගන්නා ලද ක්‍රියාමාර්ග සහ ප්‍රගතිය පිළිබඳව ද කමිටුව මෙහිදී විමසා සිටියා.