31.1 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews15 හැවිරිදි පෙම්වතිය පැහැරගත් පෙම්වතා රිමාන්ඩ්

15 හැවිරිදි පෙම්වතිය පැහැරගත් පෙම්වතා රිමාන්ඩ්

විවාහ කර ගන්නා බවට පොරොන්දු වී 15 හැවිරිදි දැරියක් රවටා පැහැර ගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මීට මාසයකට පමණ ඉහතදී මෙම තරුණයා විසින් එම දැරිය පැහැරගෙන ගොස් ඇති අතර ඒ පිළිබඳව කිසිවක් නොදන්නා දැරියගේ දෙමාපියන් මුලතිව්, විශ්වමඩු පොලිසියට පැමිණිලි කර ඇත්තේ තම දැරිය ආගිය අතක් නොමැති බවටයි.

මේ සම්බන්ධයෙන් විමර්ශන ඇරඹූ පොලිසියට ඇයව පැහැර ගෙන ගිය තරුණයා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබේ.

මෙම දැරිය පැහැර ගෙන ගොස් ඇත්තේ විශ්වමඩු ප්‍රදේශයේම 26 හැවිරිදි තරුණයකු වන බවත් මොවුන් දෙදෙනා මුලතිව් කල්ලපට්ටන් ප්‍රදේශයේ එකම නිවසක ජීවත් වෙමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ බවත් පොලිසීය පවසයි.

දැරිය පූර්ණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මාංචෝලේ රෝහලට ඇතුළත් කොට ඇති අතර දැරියව පැහැර ගෙන ගිය තරුණයා මේ මස 25 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.