26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදෙහිවල සත්වෝද්‍යානයේ විදුලි කණුවක් වැටිමෙන් එහි ප්‍රධාන ආරක්ෂක නිලධාරියා මියයයි

දෙහිවල සත්වෝද්‍යානයේ විදුලි කණුවක් වැටිමෙන් එහි ප්‍රධාන ආරක්ෂක නිලධාරියා මියයයි

දෙහිවල සත්වෝද්‍යානය ඇතුළත විදුලි රැහැන් සම්බන්ධ කර තිබූ විදුලි කණුව වැටිමෙන් එහි ප්‍රධාන ආරක්ෂක නිලධාරියා මියගොස් තිබෙනවා.

අද (15) වන දින පස්වරු 2.40 ට පමණ දෙහිවල සත්වෝද්‍යානය ඇතුළත ප්‍රධාන මාර්ගය අසල සත්ව රෝහල ඉදිරිපිට තිබූ කැබෝවේනා වර්ගයේ විශාල ගසක් මුලින් උදුරා වැටීමත් සමඟ උද්‍යානයේ අභ්‍යන්තර විදුලිය රැගෙන යන රැහැන් සම්බන්ධ කර තිබූ විදුලි කණුවක එය ගැටී එම ආසන්නයෙන් තම දිවා ආහාර පාර්සලය රැගෙන ගමන් කරමින් සිටි ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ගේ හිසට පතිත විමෙන් කළුබෝවිල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව අද පස්වරු 5.30 ට පමණ ඔහු මිය ගිය බව දෙහිවල පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පනස් හතර හැවිරිදි 936/ඒ,ඉගුරුපත්විල, බද්දේගම, ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි උපුල් සෙනරත් මාරකන්ද යන පුද්ගලයෙකි

මෘත දේහය මේ වන විට කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.