කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල වෙසෙන ජනතාවට අඛණ්ඩව ජල සැපයුමක් ලබාදීමට කටයුතු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අජිත් පෙරේරා පැවසුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට අඛණ්ඩ ජල සැපයුමක් ලබාදීමේ යම් යම් දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවුවද කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල ජනතාවට අඛණ්ඩව ජල සැපයුම ලබාදීමට සම්පත් කළමනාකරණය කරමින් සිටින බවයි.