29 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපවුල් ලක්ෂ 15කට අද සිට අස්වැසුම ප්‍රතිලාභ

පවුල් ලක්ෂ 15කට අද සිට අස්වැසුම ප්‍රතිලාභ

අස්වැසුම ප්‍රතිලාභ ක්‍රමයට තෝරාගත් පවුල් සඳහා පළමු වාරිකය ගෙවීම අද (16) සිට ආරම්භ කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

පළමු අදියරේදී දැනට සියලු ගැටලු නිරාකරණය කළ පවුල් ලක්ෂ 15 කට මාසික වාරිකය ලබාදෙනු ලබන අතර වාරික ගෙවීම සඳහා මුදල්, මුදල් අමාත්‍යාංශය විසින් අදාළ රාජ්‍ය බැංකු වෙත මුදා හැරීම සිදු කරන බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ.