― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට මහ බැංකුව වගකිව යුතුයි

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට මහ බැංකුව වගකිව යුතුයි

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ශ්‍රී ලංකා මහ බැංකුව වගකිව යුතු බව ඝානා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වන Osei Kyei-Mensah Bonsu පවසයි.

ඝානා මහ බැංකුව සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඔහු ශ්‍රී ලංකා මහ බැංකුව විවේචනය කළා.

ඝානා මහ බැංකුව 2022 වර්ෂයේදී දැවැන්ත අලාභයක් වාර්තා කළා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඝානාවේ දේශීය ණය ගෙවීම්වලින් සියයට 50ක් කපා හැරීමට හේතු වුණා.
ඉන්පසු පාර්ලිමේන්තුවේ සුළුතරය විසින් ඝානා මහ බැංකු අධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස ඉල්ලීමක් කළා. ඝානා මහ බැංකුව පාර්ලිමේන්තුවට සෘජුව සම්බන්ධ වෙන්නේ නැහැ. ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මහ බැංකුව මුදල් අමාත්‍යවරයාට තොරතුරු ලබාදිය යුතුයි. ඒ නිසා මහ බැංකු ප්‍රශ්නය දේශපාලනීකරණය කිරීමෙන් රටට යහපතක් වෙන්නෙඋ නැහැ. ශ්‍රී ලංකාවත් එවැනිම ආර්ථික අර්බුදයක සිටින විට ශ්‍රී ලංකා මහ බැංකුවට රජයට සහාය දීමට නොහැකි වුණා. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවදුරටත් පවතිනවා. මහ බැංකුවට අවශ්‍ය අවස්ථාවලදී රටට සහය දිය හැකි නම් ඊට සහය විය යුතුයි.