27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsආබාධිත වූවන්ගේ දීමනා වැඩි කෙරේ

ආබාධිත වූවන්ගේ දීමනා වැඩි කෙරේ

මෙම වර්ෂයේ සිට ආබාධ සහිත තැනැත්තන්ගේ සුබසාධනය වෙනුවෙන් වෙන්කර තිබූ මුදල් වැඩිකිරීමට තීරණය කළ බව සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව ආබාධිත වූවන්ගේ අධ්‍යාපන ආධාරය රුපියල් 10,000 සිට 20,000 දක්වාත්, ආබාධිත වූවන්ගේ ස්වයං රැකියා ආධාරය රුපියල් 25,000 සිට 40,000 දක්වා ඉහළ දමන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

එමෙන්ම ආබාධිත වූවන්ගේ උපකරණ සඳහා දුන් රුපියල් 15,000 ආධාරය රුපියල් 35,000 දක්වා ඉහළ දමා ඇති අතර ආබාධිත වූවන්ගේ නිවාස ඉදිකිරීම් සඳහා දුන් 250,000 ආධාරය රුපියල් ලක්ෂ 05 දක්වා වැඩි කෙරෙනු ඇත.

ආබාධිත වූවන්ගේ නිවාස අලුත්වැඩියා කිරීමට දුන් රුපියල් 150,000 ආධාරය රුපියල් 250,000 දක්වා ඉහළ දමා ඇති අතර ආබාධිත වූවන්ට වැසිකිළි ඉදිකර ගැනීමට ලබාදෙන ආධාරය රුපියල් ලක්ෂය දක්වා වැඩි කර තිබේ.