22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldකැනඩාවේදී මෙරට තරුණයෙක් මහල් නිවසකින් වැටී ජීවිතක්ෂයට

කැනඩාවේදී මෙරට තරුණයෙක් මහල් නිවසකින් වැටී ජීවිතක්ෂයට

කැනඩාවේ ජීවත් වූ මෙරට දෙමළ ජාතික තරුණයෙක් මහල් නිවසකින් බිමට පැන සියදිවි හානි කරගෙන තිබේ.

මෙලෙස සියඩිවි හානි කරගෙන ඇත්තේ යාපනයේ, වැල්වෙට්ටිතුරේ තිරුවිල් ප්‍රදේශයේ පදිංචි රඝුපති ආනන්ද් නමැති 31 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම තරුණයා කැනඩාවේ කාන්තාවක් සමග එක නිවසේ ජීවත් වී ඇති අතර පවුලේ ආරවුලක් මත මෙම තරුණයා විසින් කාන්තාව මහල් නිවාසයෙන් බිමට තල්ලු කර තිබේ.

කෙසේනමුත් කාන්තාව තල්ලු කළ අවස්ථාවේදී ඇය ඉහළ මලයේ බැල්කනියේ වැටක සිර වී ඇති අතර ඉන් අනතුරුව මෙම තරුණයාද එම නිවාස සංකීර්ණයෙන් බිමට පැන සිය දිවි හානි කරගැනීමට උත්සහ දරා තිබේ.

බිම වැටුණු ඔහුගේ මළ සිරුර මහල් නිවාසයේ මිදුලක තිබී හමු වී ඇති බවත් කැනඩා පොලීසිය විසින් මොහුගේ දේහය රැගෙන ගොස් ඇති බවත් වාර්තා වෙයි.