28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldනිව්යෝර්ක් නගරයේ TikTok තහනම්

නිව්යෝර්ක් නගරයේ TikTok තහනම්

එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරදී TikTok යෙදුම භාවිතා කිරීම තහනම් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ආරක්ෂක ගැටළු හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

මිලියන 150 කට අධික අමෙරිකානුවන් විසින් භාවිතා කරනු ලබන සහ චීන තාක්‍ෂණ දැවැන්තයෙකු වන ByteDance සතු වන මෙම යෙදුම නිසා චීන රජයේ බලපෑම් ඇතිවිය හැකි බවයි ඔවුන් පවසන්නේ.

ඒ අනුව නිව්යෝර්ක් නගරයේ TikTok නියෝජිතායතනය දින 30ක් ඇතුළත යෙදුම ඉවත් කළ යුතු අතර සේවකයින්ට නගරය සතු උපාංග සහ ජාලවල යෙදුමට සහ එහි වෙබ් අඩවියට ප්‍රවේශය අහිමි කිරීමට තීරණය කර තිබේ.

නිව්යෝර්ක් ප්‍රාන්තය දැනටමත් රජය විසින් නිකුත් කරන ලද ජංගම උපාංගවල TikTok තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.