― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමැතිසබේ කාමරයකින් කොට්ට මෙට්ට හමු වූ කතා අසත්‍යයි

මැතිසබේ කාමරයකින් කොට්ට මෙට්ට හමු වූ කතා අසත්‍යයි

පාර්ලිමේන්තු කමිටු කාමරයකින් කොට්ට දෙකක් සහ මෙට්ටයක් හමුවී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය අවධාරණය කරනවා.

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශය පිළිබඳ පසුගිය ජූලි 30 වනදා සහ ඒ ආසන්න දිනවල මාධ්‍යවල පළ කරන ලද වාර්තා සම්බන්ධයෙන් මූලික විමර්ශනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරිනියන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර මේ වනවිටත් විමර්ශන සිදු කෙරෙමින් පවතින බවයි මහ ලේකම්වරිය සඳහන් කළේ.

මේ වනවිට අදාළ කරුණු සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති එක් නිලධාරියෙකුගේ වැඩ තහනම් කර ඇති අතර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවිකාවන්ට, අදාළ කමිටු සාමාජිකාවන් පෞද්ගලිකව හමුවී හෝ දුරකථන හෝ ඊ-මේල් මාර්ගයෙන් අදාළ කරුණු සම්බන්ධව දැනුවත් කිරීමේ අවස්ථාව ද ලබා දී තිබෙනවා.

එම කරුණු සම්බන්ධයෙන් අදාළ කමිටු සාමාජිකයන්ට අමතරව පාර්ලිමේන්තුවේ මහ ලේකම් සහ සහකාර මහ ලේකම් වෙතද තොරතුරු ඉදිරිපත් කළ හැකි බව අභ්‍යන්තර චක්‍රලේඛයක් මගින් දන්වා ඇති බවයි රෝහණදීර මහත්මිය කියාසිටියේ.

මේ වන විට අදාළ කමිටු විමර්ෂණ අපක්ෂපාතීව සිදු කෙරෙමින් පවතින අතර කිසියම් නිලධාරියෙකුට එරෙහි චෝදනාවක් තහවුරු වුවහොත් ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් මහ ලේකම්වරිය අවධාරණය කළා.