26 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවයස 35 - 45 කතුන්ට සුවනාරි සායනයට සහභාගී වන්නැයි ඉල්ලීමක්

වයස 35 – 45 කතුන්ට සුවනාරි සායනයට සහභාගී වන්නැයි ඉල්ලීමක්

අවුරුදු 35 – 45ත් අතර සියලුම කාන්තාවන් ගැබ්ගෙල සහ පියයුරු පිළිකාවන් හඳුනාගැනීම සඳහා තම සෞඛ්‍ය බල ප්‍රදේශයේ පැවැත්වෙන සුවනාරී සායනවලට යොමුවන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කර තිබේ.

ඊයේ (16) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී කාන්තාවන්ට වැළඳෙන පිළිකා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවති අතර එහිදීදි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පත්මක ද සිල්වා මෙම ඉල්ලීම කරනු ලැබ ඇත්තේ.

“කාන්තාවන් අතර බහුලවම දැකිය හැකි පිළිකා තමයි ගැබ්ගෙල සහ පියයුරු පිළිකා, ආහාර මාර්ගයේ පිළිකා. කාන්තාවක් ලිංගිකව සක්‍රීය නම් වයස අවුරුදු 35ත් 45ත් අතර වෙනවා නම් සුවනාරී සායනවලට සහභාගී වෙන්න.”