28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවැඩිපුර වැඩ කරන්න ලෑස්ති වෙන්න - ඇමති සුසිල්

වැඩිපුර වැඩ කරන්න ලෑස්ති වෙන්න – ඇමති සුසිල්

ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් වැඩිපුර කාලයක් වැඩකිරීමට සූදානම් විය යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ‘ASPnet’ පාසල් ජීවදත්ත වැඩසටහන් ජාලයේ යුනෙස්කෝ අනුග්‍රාහකත්ව 2023 සමස්ත ලංකා වාර්ෂික ගුරු සම්මේලනය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ තමා නිදාගැනීමට යොදන පැය හතක් හැර දවසේ අනෙකුත් සියලු කාලය අධ්‍යාපනයේ දියුණුව වෙනුවෙන් වැයකරන බවයි.

ඒ අනුව නිලධාරීන්ද එවැනි කැපකිරීමක් කළ යුතු බවත් එසේ නොවුණහොත් අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නොහැකිවනු ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

නිලධාරීන් ස්වයංව කල්පනා කොට වැඩිපුර කාලයක් රැකියාවේ යෙදීමට උත්සහ කළ යුතු බවත් එය රටේ දරු පරපුර අනාගතය වෙනුවෙන් ගනු ලබන වැදගත් තීරණයක් වනු ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.