27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතිරිඟු පිටි මිල ඉහළ යන ලකුණු

තිරිඟු පිටි මිල ඉහළ යන ලකුණු

ඉදිරියේදී තිරිඟු පිටි මිල ඉහළ යාමක් හෝ තිරිඟු පිටි හිඟයක් ඇති විය හැකි බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ පවසති.

ඉන්දියාවෙන් තිරිගු පිටි ආනයනය කිරීමට රජයෙන් අවසර ඉල්ලා ඇතත් මේ දක්වා ඒ සඳහා අනුමැතිය ලැබී නොමැති බවයි ඔවුන් පවසන්නේ.

තිරිඟු පිටි ආනයනය සඳහා බලපත්‍රයක් අවශ්‍ය බව පවසමින් ආනයන සහ අපනයන පාලකවරයා පසුගිය ජූලි මස 14 වැනිදා සිට ඉන්දියාවෙන් තිරිගු පිටි ආනයනය අත්හිටවූ අතර ඒ හේතුවෙන් තිරිඟු පිටි ආනයනය කිරීමට නොහැකි වී තිබේ.