― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා චීනයේ අඛණ්ඩ සහය

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා චීනයේ අඛණ්ඩ සහය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගැනීම සඳහා අත්‍යවශ්‍ය වූ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී චීනය බෙහෙවින් සහයෝගය ලබා දී ඇති බව අගමැති දිනේෂ් ගුණවර්ධන පැවසීය.

චීන වාණිජ අමාත්‍යාංශය සහ යුනාන් ප්‍රාන්තය එක්ව පවත්වනු ලබන 7 වැනි චීන – දකුණු ආසියානු ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් චීනයේ කුන්මිං හිදී අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

තවදුරටත් අගමැතිවරයා මෙසේද පැවසීය.

ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික ප්‍රතිපත්තිය සඳහා චීනය ඉදිරියේදී අඛණ්ඩ සහයෝගීතාව සහ නම්‍යශීලීභාවය ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. චීනය තීරණාත්මක, සැබෑ ගෝලීය නායකයෙක්. දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට අප එකට එක්වන මෙම අවස්ථාව අපගේ ද්විපාර්ශ්වික සබඳතාවල තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. සියවස් ගණනාවකට පෙර සිට පැවත එන මිත්‍රශීලී සබඳතා මත ශ්‍රී ලංකාව සහ චීනය බැඳී සිටිනවා. මෙම ඓතිහාසික සබඳතා සමුද්‍රීය සේද මාවත ඔස්සේ සශ්‍රීක වූ වෙළෙඳ හුවමාරුව සහ සංස්කෘතිය හා දැනුම පිළිබඳ දුරදිග යන සහයෝගීතාවයෙන් පෝෂණය වුණා.

මෑත කාලයේ අපේ රටවල් දෙක වසර 66ක විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවක් භුක්ති විඳිනවා. අප විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමටත් පෙර, චීනය සහ ශ්‍රී ලංකාව රබර් – සහල් ගිවිසුමට එළඹුණේ පසුගිය වසරේ 70 වැනි සංවත්සරය සනිටුහන් කළ බටහිර රටවල් චීනය සමඟ වෙළෙඳාම් කිරීමට අකමැති වූ අවස්ථාවකයි. එතැන් පටන් චීනය සහ ශ්‍රී ලංකාව එකිනෙකා හොඳ මිතුරන් ලෙස සැලකූ අතර අප දෙරට අතර විශේෂ සබඳතාවක් පවතිනවා. අභියෝගාත්මක කාලවලදී අප සමඟ අඛණ්ඩව සිටීම සඳහා මහජන චීන සමූහාණ්ඩුව ශ්‍රී ලංකාවට දක්වන නොසැලෙන සහයෝගය කෘතවේදී වෙනවා.

පසුගිය දශක හතර තුළ චීනය මිලියන 800කට ආසන්න ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදාගෙන ඇති අතර ගෝලීය දරිද්‍රතාවය අඩු කිරීමෙන් 75%කට වඩා වැඩි ප්‍රමාණයක් දරනවා. නිසැකවම, මෙය විශිෂ්ට ජයග්‍රහණයක්. පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව අත්විඳින ලද සමාජ – ආර්ථික ව්‍යාකූලත්වයට පිළියම් යෙදීම සඳහා චීනය ශ්‍රී ලංකාවට ලබා දුන් මානුෂීය සහාය ද මෙහිදී සැලකිල්ලට ගත යුතු කරුණක්.”