30 C
Colombo
Sunday, April 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldසංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළෙයි

සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළෙයි

බටහිර අප්‍රිකාවේ Cape Verde වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයෙන් සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක සිටි පුද්ගලයන් 60 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවට සැක පළකෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මාසයකට වැඩි කාලයක් මොවුන් මුහුදේ සිට ඇති අතර බෝට්ටුවේ සිටි සියලු දෙනාම පාහේ සෙනගාලයේ සිට පැමිණි අය බවත් එහි සිටි ළමුන් ඇතුළු 38 දෙනෙකු බේරා ගෙන ඇති බවත් වාර්තා වෙයි.

Cape Verde හි Sal සිට කිලෝමීටර් 320ක් පමණ දුරින් තිබූ මෙම බෝට්ටුව ස්පාඤ්ඤ ධීවර බෝට්ටුවක් විසින් දැක ඇති අතර පසුව එය බලධාරීන්ට දැනුම් දී තිබේ.

මෙම බෝට්ටුව ජූලි 10 වැනිදා මගීන් 101 දෙනෙකු සමග එරටින් පිටත්ව ඇති බවයි සෙනගාලයේ විදේශ අමාත්‍යාංශය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසන්නේ.