― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsජල විදුලි ජනනය 15%ක් දක්වා පහළට

ජල විදුලි ජනනය 15%ක් දක්වා පහළට

ජල විදුලි ජනනය 15%ක් දක්වා පහළ ගොස් ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.

බලාගාර ආශ්‍රිත ජලාශවල ධාරිතාව මේ වනවිට 23%ක් දක්වා පහළ ගොස් ඇති බවත් මෙවැනි තත්ත්වයක් යටතේ මෙරට විදුලි ඉල්ලුමෙන් 80%ක්ම සැපයෙන්නේ ගල් අඟුරු හා තාප විදුලියෙන් බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.

මේ වනවිට රන්දෙණිගල ධාරිතාව 8.1 %ක්, වික්ටොරියා ජලාශයේ ධාරිතාව 27%ක් හා සමනල වැව ජලාශයේ ධාරිතාවද සමස්ත ධාරිතාවයෙන් මේ වනවිට 1.9% ක් දක්වා පහළ ගොස් තිබේ.