27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉදිරියේදී සහල් මිල ඉහළට - අමරවීර

ඉදිරියේදී සහල් මිල ඉහළට – අමරවීර

ඉදිරි කාලයේ සහල් හිඟයක් ඇති නොවුණත් වෙළෙඳපොළේ සහල් මිල යම් ප්‍රමාණයකට ඉහළ යනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අම්බලන්තොට වී පර්යේෂණායතන ගොවිපොළේ ක්ෂේත්‍ර දින වැඩසටහනට සහභාගී වෙමිනි.

වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම ආරම්භ කළ නමුත් ගොවීන් අලෙවි මණ්ඩලයට වී අලෙවි නොකිරීම නිසා රජය සතුව අමතර සහල් හෝ වී තොග නැති බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

නියඟය නිසා යල කන්නයේ කුඹුරු අක්කර ලක්ෂයක වී අස්වනු විනාශ වුවත් ඉදිරියේදී සහල් හිඟයක් ඇති නොවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

පෞද්ගලික අංශය සතුව වී තොග පවතින හෙයින් සහල් මිල ඉහළ ගියහොත් ඊට මුහුණ දීමට මෙන්ම පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජයට සිදුවනු ඇති බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.