27.2 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමේ දිනවල මස් කන්නේ පරිස්සමෙන්

මේ දිනවල මස් කන්නේ පරිස්සමෙන්

වියළි කාලගුණ තත්ත්වයත් සමඟ සත්ත්ව මාංශ අනුභවයේදී දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ මේ දිනවල පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතැම් පිරිස් වසවිස මිශ්‍රකර සතුන් දඩයම් කිරීමට පෙළඹී ඇති බවයි.

මේ හේතුවෙන් මාතර, හම්බන්තොට, පුත්තලම, අනුරාධපුරය, මඩකලපුව සහ පොළොන්නරුව වැනි ප්‍රදේශවලට පැමිණෙන සංචාරකයින් දඩ මස් මිලදී ගැනීමේදී හෝ අනුභව කිරීමේදී ඒ පිළිබඳව දැඩි සැලකිල්ලක් යොමු කළ යුතු බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.