29.5 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඇමරිකාවට ප්‍රබල භූ කම්පනයක්

ඇමරිකාවට ප්‍රබල භූ කම්පනයක්

අමෙරිකාවේ දකුණු කැලිෆෝනියාවේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 5.1ක් ලෙසයි.

මෙම භූ කම්පනය හටගෙන ඇත්තේ දකුණු කැලිෆෝනියා හි ඕජායි නගරයේ සිට සැතපුම් හතරක් පමණ ගිනිකොන දෙසින් වන අතර එය ප්‍රදේශ රැසකට දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

භූ කම්පනයෙන් සිදු වූ ජිවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැත.